-




نَصْرٌ مِنَ اللَّهِ وَفَتْحٌ قَرِيبٌ அல்லாஹ்வின் உதவியும், வெற்றியும் மிக சமீபத்தில் இருக்கின்றது

15 ஜூன், 2020

ඥානසාර හිමි බේරුවල - නලිමියා විද්‍යාලය ගැන අසත්‍ය පතුරවයි.

ඥානසාර හිමි බේරුවල - නලිමියා විද්‍යාලය ගැන අසත්‍ය පතුරවයි. 




බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි මාධ්‍ය හමුවක් කැඳවමින් 2020.06.04 දින නිකුත් කරන ලද නිවේදනයක ඔහු බෙරුවල නලිමියා සහ එහි උපාධිධාරීන් පිළිබඳව යම් යම් චෝදනා ඉදිරිපත් කර තිබුණි. නලිමියා අධ්‍යාපන ආයතනයේ ආදි ශිෂ්‍යයෙකු ලෙස මම ඔහුගේ  ප්‍රකාශයන්ගැන පැහැදිලි කිරීමට කැමැත්තෙමි.

ඥානසාර හිමි විසින් සඳහන් කරන ලද නලිමියා විද්‍යාලය පසුගිය වසර 47 ක කාලය තුළ රට තුළ ක්‍රියාත්මක වන අධ්‍යාපන ආයතනයකි. සුප්‍රසිද්ධ මැණික්  ව්‍යාපාරික වන නලීම් හජියාර් විසින් 1973 දී ආරම්භ කරන ලද මෙම පාසලෙන් 1500 කට අධික පිරිසක් උපාධි ලබා ඇත. තවද මෙම අායධනය පාර්ලිමේන්තුවේ සංස්ථාගත කර ඇති විද්‍යාලයකි. 
සිංහල ප්‍රජාව අතර ආනන්ද සහ නාලන්දා  වැනි විද්‍යාල ජනප්රියතාවය මෙන් මුස්ලිම් ප්රජාව තුළ නලිමියා විද්‍යාලය ජනප්රිය අධ්‍යාපනය ආයතනයක් වේ.


ඥානසාර හිමි විසින් සඳහන් කරන ලද නලිමියා විද්‍යාලය පසුගිය වසර 47 ක කාලය තුළ රට තුළ ක්‍රියාත්මක වන අධ්‍යාපන ආයතනයකි. සුප්‍රසිද්ධ මැණික්  ව්‍යාපාරික වන නලීම් හජියාර් විසින් 1973 දී ආරම්භ කරන ලද මෙම පාසලෙන් 1500 කට අධික පිරිසක් උපාධි ලබා ඇත. තවද මෙම අායධනය පාර්ලිමේන්තුවේ සංස්ථාගත කර ඇති විද්‍යාලයකි. 





සිංහල ප්‍රජාව අතර ආනන්ද සහ නාලන්දා  වැනි විද්‍යාල ජනප්රියතාවය මෙන් මුස්ලිම් ප්රජාව තුළ නලිමියා විද්‍යාලය ජනප්රිය අධ්‍යාපනය ආයතනයක් වේ.

2000 සිට 2007 දක්වා මම අධ්‍යාපනය ලැබුවේ නාලිමියාවේ ය. ඥානසාර හිමි පවසන පරිදි අපට මෙහි මූලධර්මවාදී අදහස් හෝ ත්‍රස්තවාදී අදහස් උගන්වා නැත. මෙය රහසිගතව පවත්වාගෙන යනු ලබන නීති විරෝධී විද්‍යාලයක් නොවේ.  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දේශපාලන නායකයින් මෙම විද්‍යාලය සමග සමීපව සම්බන්ධ විය.

අභාවප්‍රාප්ත සිරිමාවෝ බණ්ඩාරනායකගේ රජය මූල්‍ය අර්බුදය මුහුණ දීමට සිදු වූ විට මූල්‍ය ආධාර සැපයූ නලීම් හජියාර්, මෙම විද්‍යාලය විවෘත කළේ මෙම කාලය තුළ ය. තවද  ජේ.ආර්. ජයවර්ධන මහතා, රණසිංහ ප්රේමදාස මහතා වැනි  දේශපාලන නායකයින්  මෙම විද්‍යාලය ඉදිරියට ගෙන යාම සඳහා නලීම් හාජියාර්ට ඔවුන් විශාල උදව් ලබා දී ඇත.   මෑතකදී හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද සමාජ  සහජීවනය සඳහාවු  මධ්‍යස්ථානයක ශාඛාවක් මෙම අායධනය තුළ විවෘත කිරීමත් විශේෂ ලෙස සඳහන් කළ යුතුය.




මෙතරම් ප්‍රමුඛ සංස්කෘතියක්යුත් ජනප්‍රිය මුස්ලීමි  විද්‍යාලයක් පිළිබඳව ඥානසාර හිමි  මෑතක සිට මාධ්‍යවල අසත්‍ය ප්‍රකාශ කරමින් සිටි.  නලීමියා උපාධිධාරීන් රජයේ මර්මස්තානවල ප්‍රධාන තනතුරු දරන අතර මූලධර්මවාදී අදහස් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බව ඔහු පැවසීය.   සමහර නලිමියා උපාධිධාරීන් උසස් තනතුරුවල සිටින බව සත්‍යයකි. මේ රටේ පුරවැසියෙකු වන ඕනෑම පුද්ගලයෙකුට රටේ රාජ්‍ය පරිපාලනයේ නීතිවලට අනුකූලව පවත්වනු ලබන තරඟ විභාග සඳහා අයදුම් කළ හැකිය. මෙවැනි විභාගවලින්  සමත් නලිමියා උපාධිධාරීන්  පරිපාලන, අධ්‍යාපන හා විදේශ සේවා  ක්ෂේත්රවල සිටීම  ඔවුන්ව වැරදිකරුවන් ලෙස සැලකිය හැක්කේ කෙසේද?

මෙය ලියන මා පසුගිය වසර 4 ක කාලයක් මැද පෙරදිග ශ්‍රී ලාංකා  තානාපති කාර්යාලයක භාෂා පරිවර්තකයෙකු ලෙස සේවය කරමි.  මෙහි සේවය කරන අපේ රට වැසියන්ගේ දුෂ්කරතා විසඳන්න මට උදවිවුනේ නලිමියා මට උගන්වු  අරාබි, ඉංග්‍රීසි සහ සිංහල භාෂා දැනුමන්ය. බොරු, අල්ලස් හා දූෂණයෙන් තොරව මගේ රට වැනුවෙන් සේවය කිරීමේ ගුණාංග නලිමියා මට උගන්වා ඇත. මනුෂ්‍යත්වය, යුක්තිය සහ සත්‍යය වැනුවෙන් පැණී සිටීම  මා  තුළ නිර්මාණය කළ නලීමියා  බොරු කීමට වංචා කිරීමට මට උගන්වා නැත. නලීමීයා උපාධිධාරීන්  වැඩ කරන ඕනෑම තැනකට ගොස් විමර්ශනය කරන්න, ඔවුන් රටේ සුභසාධනය සඳහා අවංකව කටයුතු කරන බව ඔබට පෙනී යනු ඇත.

ශ්‍රී ලංකාවේ වාර්ගික දේශපාලන ගැටඑ අැති කිරීමේ  න්‍යාය පත්‍රයේ   ඥානසාර හිමිට ඇති දායකත්වය මුළු රටම දනී. ධර්මය උගන්වන භික්ෂූන් වහන්සේලා බොරුව හා කෝපය පෝෂනය කිරීම ජාතියට හා රටට භයානක ය. 


මෙවැනි පදනම් විරහිත ක්‍රියාව දැඩි ලෙස හෙළා දකීම  සියලු ජනතාවගේ යුතුකම ය.


(ඉස්මත් අලී)

கருத்துகள் இல்லை:

கருத்துரையிடுக